fbpx
තවත්
    මුල් පිටුවGOSSIPසිඩ්නි තන්ඩර්ස් කෙල්ලන්ට චමරිගෙන් සුපිරි කෑමක්

    සිඩ්නි තන්ඩර්ස් කෙල්ලන්ට චමරිගෙන් සුපිරි කෑමක්

    ඕස්ට්‍රේලියාවේ මේ වනවිට පැවැත්වෙන Weber Women’s Big Bash League තරඟාවලිය සඳහා Sydney Thunder කණ්ඩායමට පිතිකාරිනියක වශයෙන් ශ්‍රී ලංකික ක්‍රීඩිකා චමරි අතපත්තු ක්‍රීඩා කරයි.

    Weber Womens Big Bash League (WBBL) තරඟාවලිය, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සීමා නොවී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සිය සංස්කෘතිය සෙස්සන් සමග බෙදාගැනීමටද අවකාශය සලසන අවස්ථාවක් ලෙස ද සැළකේ.

    චමරි අතපත්තු මෙම තරඟාවලිය අතරතුර, Sydney Thunder කණ්ඩායමේ සිය සහෝදර ක්‍රීඩිකාවන් හට ශ්‍රී ලාංකික ආහාරවලින් සපිරුණු රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා තිබේ.

    ඒ එහි ශ්‍රී ලංකාවේ ආහාර පිළියෙළ කරනු ලබන ලාංකිකයකු විසින් පවත්වාගෙන යන අවන්හලකදීය.

    විදේශීය ක්‍රීඩිකාවන් පළමු වරට අත්හදා බැලූ ශ්‍රී ලාංකික ආහාර වේල මහත් සතුටින් භුක්ති විඳි බවත් ලංකාවේ රසට හැදෙන චිකන් කොත්තු, දැල්ලෝ ව්‍යාංජන, චීස් රොටී ආදිය ඉතාම රසවත් බවත් ඔවුන් පැවසූ වීඩියෝව පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.