fbpx
තවත්
    මුල් පිටුවspecialනවසීලන්තය ලංකාව පරදා ඉනිමඟ නගියි

    නවසීලන්තය ලංකාව පරදා ඉනිමඟ නගියි

    බැංගලෝර්හිදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5ක පහසු ජයක් අත්කරගත් නවසීලන්තය ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සිය ස්ථානය සමීප කළේය.

    ඒ අනුව ඇෆ්ගනිස්ථානයට හා පාකිස්ථානයට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවසන් බලාපොරොත්තුව කුසලානයෙන් බොහෝ ඈතට විසිවිණි.

    අද තරගයේ දී ශ්‍රී ලංකා පිල ලකුණු 171කට දැවී ගිය අතර නවසීලන්ත පිලේ ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 36-කඩුළු 3ක් ලබා ගත්තේය.

    සාර්ථක ආරම්භයක් නොලද ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 9.3 කදී ලකුණු 70-5 ක් දක්වා අසීරු තත්ත්වයකට ඇද දැමුවේය. කුසල් පෙරේරා පන්දු 28 කදී ලකුණු 51 ක් ලබා ගනිමින් එකම සාර්ථක පිතිකරු බවට පත්විය.

    නවසීලන්තය ඕවර 23.2 කදී ඔවුන්ගේ ඉලක්කය කරා ළඟා වූ අතර ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට මෙම ජයග්‍රහණය බලපෑවේය.

    පකිස්තානයට සහ ඇෆ්ගනිස්තානයට තවමත් ප්‍රසාද ලකුණු 10ක් ගෙන නවසීලන්තය ප්‍රසාද ලකුණු මතින් සම කළ හැකි නමුත් නවසීලන්තයේ සුපිරි ශුද්ධ ලකුණු වේගය පසුකර යෑමට නම් මෙම දෙපිළම පිළිවෙලින් එංගලන්තය සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ඇදහිය නොහැකි ජයග්‍රහණ ලබා ගත යුතුය.

    පන්දු 91කින් නොදැවී ලකුණු 38ක් ලබා ගත් මහේෂ් තීක්ෂණ සහ පන්දු 48කින් ලකුණු 19ක් එක් කළ ඩිල්ෂාන් මධුශංකගේ ප්‍රහාරය නොවන්නට ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් අත් වීමට ඉඩ තිබිණි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩිකයෝ ඩෙවෝන් කොන්වේ සහ රචින් රවීන්ද්‍රගේ ලකුණු 86 ක ආරම්භක සබඳතාවක් පැවැත්වූහ.

    ශ්‍රී ලංකාව 171 (පන්දුවාර 46.4): පෙරේරා 51 (28); බෝල්ට් 3-37
    නවසීලන්තය 172-5 (පන්දුවාර 23.2): කොන්වේ 45 (42); මැතිව්ස් 2-29

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.