fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ව්‍යාජ විදෙස් මුදල් ජාවාරමකට රුසියානු කාන්තාවන් 2ක් කොටු

    ව්‍යාජ විදෙස් මුදල් ජාවාරමකට රුසියානු කාන්තාවන් 2ක් කොටු

    ව්‍යජ විදෙස් මුදල් හුවමාරු කිරීමේ ජාවාරමකට සම්බන්ධ රුසියානු ජාතික කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවටගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව ගාල්ල පොලීසියට භාරදී ඇත.

    ගාල්ල ප්‍රදේශයේ සැරිසරමින් මෙම රුසියානු කාන්තාවන් දෙදෙනා සිට ඇත්තේ මෙරට රැදී සිටීමට වලංගු වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර පවා නොමැතිව බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම කාන්තාවන් දෙදෙනා අවුරුදු 39 හා 61 යන වයස්වල පසුවන්නන්ය. ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ ඇත්තේ පසුගිය ඔක්තෝබර් 16 වෙනිදා බව අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.