fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ-බදුල්ල (99) මාර්ගය තවදුරටත් වහලා

    කොළඹ-බදුල්ල (99) මාර්ගය තවදුරටත් වහලා

    බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය, හපුතලේ – බෙරගල කොටස තවදුරටත් තාවකාලිකව වසා දමා ඇත.

    අධික වැසි හේතුවෙන් හපුතලේ බත්ගොඩ ප්‍රදේශයේ නායයාම් තත්ත්වයක් සක්‍රීය වී තිබීම ඊට හේතුවයි.

    ඒ හේතුවෙන්, විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට දන්වා සිටී.

    විකල්ප මාර්ග ඉතා පටු සහ කඳු බෑවුම් සහිත බැවින් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

    එසේම නායයෑම් සිදුවන ස්ථාන සහ අවදානම් ප්‍රදේශ නිරීක්ෂණයට යාමෙන් වළකින ලෙසත් දන්වා සිටී.

    මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ – වැලිමඩ මාර්ගයේ හපුතලේ නගරයේ සිට කි.මි 6.5ක් දුරින් වූ වල්ගහවෙල හන්දිය ආසන්නයේ නායයෑමක් සිදුවිය.

    එබැවින් අද පෙරවරුවේ මාර්ගය අවහිර වී ඇති බව හපුතලේ පොලිස්ථානය දන්වා ඇත.

    පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, බෙරගල, හල්දුම්මුල්ල ප්‍රධාන මාර්ගයන්හි සහ අතුරු මාර්ගවල නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරලීම් හා ගස් කඩා වැටීම් වාර්තා වෙමින් පවතී.

    ඒ් අනුව එම මාර්ග භාවිතා කරන ජනතාව නිරන්තරයෙන් මාධ්‍ය හා පොලිස් නිවේදන පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, එම ස්ථානයන් නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.