ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මේ වන විට රටතුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11000 ක් පමණ ක්‍රියාත්මක ය. නමුත් ඉන් ලියාපදිංචි කර ඇත්තේ 05 ක් පමණකි.
ලියාපදිංචියක් නැති ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පැවතීමෙන් ගම්‍ය වන්නේ කිසිදු පාලනයකින් තොරව එම ආයතන පවත්වාගෙන යන බව යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සඳහා අපහසුතාවයන්ට ලක්වූ ලක්ෂ 30ක පමණ පිරිසක් සංවිධාන ගතවී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙය ජාත්‍යන්තරය දක්වා ගිය ප්‍රශ්නයක් බැවින් මෙම ආයතන සියල්ල ලියාපදිංචිය අනිවාර්ය කරන බව හෙතෙම අවධාරණය කරයි.
ලියාපදිංචියෙන් අනතුරුව එම ආයතන මහ බැංකුවේ නියාමනයට හා නීතී පද්ධතියට යටත් වන බවත් අමාත්‍යවරයා පැවසීය.
මීට අනුගත නොවන ආයතන හා පුද්ගලයන්ට රුපියල් ලක්ෂ 50 දඩ මුදලකටත්, වසර 05 දක්වා සිර දඩුවමකටත් යටත් වීමට සිදුවන බව ද සඳහන් කළේය.
මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් වැඩි වශයෙන් ගනුදෙනු කරනු ලබන්නේ ග්‍රාමීය අඩු ආදායම් ලබන ජනතාවයි.
එම ජනතාව මුහුණ දී ඇති අසීරුතාවයන් සහ පීඩාකාරී තත්ත්වය රජය හඳුනාගෙන ඇත.
එබැවින් මෙවන් පියවරක් අනුගමනය කිරීමට කටයුතු කළ බවත්, අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඊයේ සවස රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවති 2023 යෞවන සමාජ ක්‍රීඩා උළෙල කෑගල්ල දිස්ත්‍රික් තරඟාවලිය සඳහා සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.