ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අද(01) සිට ටෙන්ඩර් කැඳවන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිවුස්වේව් වෙත සඳහන් කළේය.
ඒ අනුව ආයෝජකයන්ට ශ්‍රීලන්කන් කොටස් මිලදි ගැනිමේ ලංසු ඉදිරිපත් කිරිමට දින 45ක කාලයක් ලබා දී ඇතැයි හෙතම කියා සිටියේය.
ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට මාස 8කට පෙර ඉදිරිපත් වුණු අතර අද වනවිට එය ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
අයෝජකයකු සොයා ගැනීම සඳහා රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද කීවේය.
ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගත කරන්නැයි ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවේ මිට මාස 8කට කලින්. කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ ගැන සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාරයට බාර දුන්නා.
ඒ අනුව භාණ්ඩාගාරය ලෝක බැංකුවේ අයි.එෆ්.සී කියන අන්තර්ජාතික ආයතනයට භාර දුන්නා මේ ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියට පහසුකම් සපයන්නෙකු ලෙස ඉදිරිපත් වෙන්න කියලා. මේ සඳහා අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ටෙන්ඩර් මණ්ඩලයක් පත්කර තිබෙනවා.
මෙම ටෙන්ඩර් මණ්ඩලයට සහය දීමට මාගේ අමාත්‍යාංශ ලේකම් රුවන් චන්ද්‍ර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික කමිටුවක් පත්කර තිබෙනවා. අද දින ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යයේ මෙන්ම ලෝකයේ රටවල්වල වෙබ් අඩවි හරහා මේ ටෙන්ඩර් කැඳවීම දැනුම් දීලා, ඉතා පාරදෘෂ්‍ය භාවයකින් ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගත කරනය කරන්න කොටස් මිලදී ගැනීමට කැමති පුද්ගලයන් හෝ ආයතනවලට ඊට ලංසු ඉදිරිපත් කරන්න දන්වා තිබෙනවා.
මේ සඳහා දින 45ක කාලයක් ලබා දි තිබෙන අතර එම ලංසු ඉදිරිපත් කරන්නන් ඇගයීමකට ලක්කරමින් ශ්‍රීලන්කන් සේවක මහත්ම මහත්මින්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කර දෙන හොඳ ආයෝජකයෙක් තෝරා ගැනීමට අප කල්පනා කරනවා යැයි අමාත්‍යවරයා පැවසීය.