තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'සාපෙළ විතරක් මදි.. අනාවැකි කියන්න එන්න නම් උපාධියක්වත් ඕනෑ' -කාලගුණ විද්‍යාඥයෝ

    ‘සාපෙළ විතරක් මදි.. අනාවැකි කියන්න එන්න නම් උපාධියක්වත් ඕනෑ’ -කාලගුණ විද්‍යාඥයෝ

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අනාවැකිකරණ කටුයුතු සිදුකරන කාලගුණ විද්‍යාඥයන් ‘සාමාන්‍ය පෙළ විභාගය පමණක් සමත්’ අය බවට වන මාධ්‍ය වාර්තා එම මධ්‍යස්ථානය ප්‍රතික්ෂේප කරයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ පැය 24 පුරා රාජකාරීන්හි සේවයේ නියුතු කාලගුණ විද්‍යාඥයන් 8 දෙනාගෙන් 7 දෙනකුම සිය පශ්චාත් උපාධි හදාරා නිමකර රාජකාරි ඉටු කරන බවයි.

    තවද කාලගුණ විද්‍යාඥයකු ලෙස සේවයට එක්වීමට නම්, අවම වශයෙන් දෙවන ශ්‍රේණියේ ඉහල පන්ති සාමාර්ථයක් සහිතව භෞතික විද්‍යාව හෝ ගණිත විෂයෙන් උපාධියක් අවශ්‍ය වන බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කළේය.

    එපමණක් නොව, ඒ සඳහා පවත්වන තරග විභාගයෙන් ඉහලින් සමත්ව සම්මුඛ පරීක්ෂනයෙන්ද සමත් විය යුතු බව එම මධ්‍යස්ථානය අවධාරණය කරයි.

    මෙවැනි ව්‍යාජ වාර්තා මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ යථ ස්වභාවය යටපත් කරමින් බොරු සමාජගත කිරීමට උත්සහ කරන බවත් එවැනි වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් එම මධ්‍යස්ථානය කියාසිටී.

    කෙසේවෙතත් මෙම ව්‍යාජ වාර්තා සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට අවශ්‍ය බව දෙපාර්තමේන්තු පරිපාලනය වෙත දැනුම් දෙන බව ද ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img