fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්වප් පුරපසළොස්වක පොහොය අදයි

    වප් පුරපසළොස්වක පොහොය අදයි

    ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අදට යෙදී ති‍බේ.

    බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවේ සිට සංකස්සපුරයට වැඩම කිරීම, මෛත්‍රී බෝසතුන් පැවදි වීම, සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැම්පත් තනතුරු පිරිනැමීම, සංඝමිත්තා තෙරණිය වැඩම කරවීමට අරිට්ඨ කුමරු දඹදිව පිටත් කිරීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම,
    ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම, වස් පවාරණය ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් රැසක් වප් පුර පසළොස්වක පෝය දා සිදු වී ඇත.

    වප් පොහොය නිමිති කර ගෙන දිවයින පුරා විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

    වප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් අද (28) පෙරවරුවේ සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙමින් සිටී.

    අලුයම තේවාවේ සිටම ශ්‍රී දළදා මාලිගාවේ විවිධ ආගමික වතාවත් සිදු වේ. දන්ත ධාතූන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවන් සිදු වන අතර ඓතිහාසික මඟුල් මඩුවේදී සිල් සමාදන් කරවීමේ ආගමික වතාවත් සිදු කෙරේ.

    ආමිස හා ප්‍රතිපත්තිමය පූජාවන් සඳහා උදෑසන සිටම සැදැහැවතුන් විශාල පිරිසක් ශ්‍රී දළදා මාලිගාවක් හරහා පැමිණෙමින් සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දළදා මාලිගා පොලිසිය මගින් විශේෂ වැඩසටහන් සංවිධාන කොට තිබේ.

    සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද මූලික පහසුකම් සම්පාදනය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img