fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සජබය උසාවියට බොරු ලේඛන දීලා -අධිකරණයට අපහාසයක්?

    සජබය උසාවියට බොරු ලේඛන දීලා -අධිකරණයට අපහාසයක්?

    spot_img

    සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාලව එම පක්ෂ‍ය විසින් මෝසමක් මගින් ඉදිරිපත් කර තිබෙන ලේඛන, නඩුව වෙනුවෙන්ම සකස්කර ඉදිරිපත් කර තිබෙන ව්‍යාජ ලේඛන බව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණය වෙත කරුණු දක්වා තිබේ.

    එබැවින් එම ලේඛන පිළි නොගන්නා ලෙසත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලීය.

    අමාත්‍යවරුන් දෙදෙනා පක්ෂයෙන් නෙරපීමට අදාලව නඩුව ගොනුකරන ලද අවස්ථාවේදී සමගි ජන බලවේගය විසින් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතා ප්‍රකාශයට අදාල ලේඛන සහ, මෝසම මගින් ඉදිරිපත් කරන ලද ලේඛන අතර පරස්පරතාවයක් පවතින බවද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයට දැනුම් දුනි.

    ඇමතිවරුන් දෙදෙනා ඉවත් කිරීමට අදාල ලියවිලි රැස්වීම් වාර්තාවක් සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් අදිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    මෙම වාර්තාව නඩුව ඉලක්ක කරගෙන පසුව සකස් කර ඉදිරිපත් කර තිබෙන බවද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට දැනුම් දී තිබේ.

    මේ නිසා මෙම ලේඛන පිළි නොගන්නා ලෙසට වන නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

    ඒ පිළිබඳ කරුණු සලකා බලා තීරණයක් ලබා දෙන බවද අධිකරණය දැනුම් දුන්නේය.

    ව්‍යාජ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමක් මගින් අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තක් මතුවන බවද නීති විශාරදයෝ පෙන්වා දෙති.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img