තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ජාතික රණවිරු සැමරුම් උළෙල අද සවස කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී

    ජාතික රණවිරු සැමරුම් උළෙල අද සවස කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී

    12 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි ජාතික රණවිරු ස්මාරකය අබියසදී අද පස්වරු 4.15 ට පැවැත්වේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිිල්වා ඇතුළු ගුවන් සහ නාවික හමුදාපතිවරුන්ද, පොලිස්පතිවරයා සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියාද ඇතුළු ඉහළ හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙවර රණවිිරු සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගගෝපදෙශයන්ට අනුව සීමිති සහභාගිත්වයකිනි.
    2009 වසරේ මැයි මාසයෙන් අවසන් වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි තිස් වසරක් පුරා පැවැති සටනේදී යුද්ධ හමුදා සාමාජිකයින් 23,962 දෙනෙකද, නාවික හමුදාවේ සාමාජිකයන් 1160 දෙනෙක්ද, ගුවන් හමුදාවේ සාමාජිකයන් 443 දෙනෙක්ද, ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් 2598 දෙනෙක්ද, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙක්ද මෙම සැමරුම් උළෙලේදී සිහිපත් කෙරෙනු ඇත

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img