fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගේ ඇමති පුටු මාරුවෙන් පොහොට්ටුව කළකිරෙයි

    ජනපතිගේ ඇමති පුටු මාරුවෙන් පොහොට්ටුව කළකිරෙයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (23) සිදුකළ කැබිනට් මණ්ඩලයේ සංශෝධනය හේතුවෙන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

    මෙය ජනාධිපතිවරයා ගත් වැරදි තීරණයක් බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා කීය.

    මහලේකම්වරයා මෙසේද පවසයි.

    “කෙහෙළිය ඇමතිතුමාට විරුද්ධව බොරු චෝදනා නැගුවා. ඒ සියල්ල බොරුවක් බව ඔප්පු වුණා. නමුත් ජනාධිපතිතුමා තීරණය කරන්න ඇති මෙවැනි තත්ත්වයක් යටතේ ඒ සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් සිදුකරන එක හොඳයි කියලා. ඒ අනුව රමේෂ් පතිරණ මහතා වෘත්තීයෙන් වෛද්‍යවරයෙක් වන එතුමා සෞඛ්‍ය ඇමති ලෙස පත්කරලා තියෙනවා.

    කෙසේ වෙතත් අපේ යම්කිසි කනස්සල්ලක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාව අපි දැනුවත් කළා. මොකද පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාට රජය ගෙනියන්න ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තමා අති බහුතරයක් මේ ශක්තිය ලබාදෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 5දෙනයි ඉන්නේ.

    නමුත් මෙතනිනුත් ඇමති ධුරයක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා රාජ්‍ය ඇමති ධුරයකුත් අලුතින් ඒකට දීම ගැන අපි සතුටු නෑ. ඒක වැරදි දෙයක්. වැරදි දෙයට වැරදියි කියන්නත් අපි බය වෙන්නේ නෑ. ජනාධිපතිතුමා වුණත් වැරදි දේ කරනවා නම් වැරදියි. ඒක වැරදියි කියලා අපි ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමාට ඒක නොකර ඉන්න තිබුණා. ඒ ගැන අපි පක්ෂය විදියට දැඩි විරෝධය පළ කරනවා.”

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img