තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙනියායේ ඉස්කෝල වැ‍සේ

    දෙනියායේ ඉස්කෝල වැ‍සේ

    දකුණු පළාතේ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසැල් අද (23) වසා දමා තිබේ.

    ඒ අධික වැසි සහිත කාලගුණයේ බලපෑම හේතුවෙනි.

    ඒ අනුව අද දිනට පැවැත්වීමට නියමිත වාර විභාග විෂයයන් ලබන 28 වැනි දින පැවැත්වීමට සැලසුම් කර ඇත.

    මේ වනවිට දරුවන් පාසල්වලට පැමිණ ඇත්නම් එම දරුවන් ඉතාමත් ආරක්ෂිතව දෙමාපියන් වෙත භාර දෙන මෙන් ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා සිටී.

    එමෙන්ම අකුරැස්ස, මුලටියන සහ වලස්මුල්ල කලාපවල පාසැල් අවශ්‍යතාව මත වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය ලබා දී ඇත.

    දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා මේ බව නිවේදනය කළේය.

    මේ වනවිටත් දෙනියාය ප්‍රදේශයට අධික වැසි පවතින බවද වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img