fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹට පැය 15ක් වතුර කපයි

    කොළඹට පැය 15ක් වතුර කපයි

    ජාතික ජලසම්පාදන හා ජලාපවහාන මණ්ඩලය විසින් පැය 15ක ජල කප්පාදුවක් පිළිබඳ ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබේ.

    ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ ඔක්තෝබර් 21 වන සෙනසුරාදා පස්වරු 5 සිට පසුදින (22) පෙරවරු 8 දක්වා පහත ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවය.

    ඒ අනුව ජල සැපයුම අත්හිටුවන්නේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටය.

    අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවෙනු ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න