fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහවැලි ජලාශවල ජල මට්ටම ඉහළට

    මහවැලි ජලාශවල ජල මට්ටම ඉහළට

    අධික වර්ෂාවත් සමග මහවැලි ජලාශවල ජල මට්ටම 46% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    කොත්මලේ ජලාශයේ ධාරිතාව 77%ක් දක්වාත් වික්ටෝරියා ජලාශයේ ධාරිතාව 44% ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා සඳහන් කරයි.

    මහ කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර එම කටයුතු ලබන මස පළමු වැනිදායින් අවසන් කිරීමට නියමිත බව නිලන්ත ධනපාල මහතා ප්‍රකාශ කළා.

    ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ, නියමිත කාලසටහන් අනුව වගාව ආරම්භ කරන ලෙසයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න