fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිනමාපට නිෂ්පාදක -බුද්ධි බතික් නිර්මාතෘ බුද්ධි කීර්තිසේන දිවියට සමුදෙයි

    සිනමාපට නිෂ්පාදක -බුද්ධි බතික් නිර්මාතෘ බුද්ධි කීර්තිසේන දිවියට සමුදෙයි

    ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකයකු මෙන්ම මාධ්‍යවෙිදියෙකු,ව්‍යාපාරිකයකුද වන බුද්ධි කීර්තිසේන මහතා අද (17) අභහවප්ප්‍රාප්ත විය.

    මිය යනවිට 83 වැනි වියේ පසුවූ ඒ මහතා මීගමුව ලොයෙලා විදුහලෙ ආදි සිසුවෙකි.

    මාතා, අයෝමා, විජයබා කොල්ලය, සුජාතා(නව නිෂ්පාදනය), මිල්ලෙ සොයා ඇතුළු චිත්‍රපට කිහිපයක් ඔහු නිෂ්පාදනය කළේය.

    ඔහු ‘බුද්ධි බතික්’ නමින් සුප්‍රකට බතික් ව්‍යාපරයක් ආරම්භ කළේය. ඒ අනුව ඔහු දේශීය බතික් කලාව ජාත්‍යන්තර වෙත ගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකි.

    ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකයකු වන බුඩී කීර්තිසේන ගේ පියාණන්ද වේ.

    ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපති සහ සිනෙසිටි සිනමා අධිපති ධූරයත්, බුද්ධි කීර්තිසේන මහතා සිය කාර්යභාරය ඉටු කළේය.

    බුද්ධි කීර්තිසේන මහතාගේ දේහය හෙට(18) අලුයම සිට 19 වැනි බදාදා උදෑසන 9 වන තෙක් 158/3 ලේක් ඩ්‍රයිව්’හී නිවසේ තැන්පත් කෙරෙනු ඇත.

    අනතුරුව දේහය 19 වැනිදා මධ්‍යහන 12 සිට සෙනසුරාදා දක්වා කොස්වාඩියේ Buddhi Batik නිවසේ තැන්පත් කොට, දේහය පිළිබඳ අවසන් කටයුතු එදින ම සවස 4.00ට කොස්වාඩිය සුසාන භූමියේ දී ආදාහනය කිරීමට ද සැලසුම් කර ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.