පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මෙවර ලබාදෙන්නේ තුන්වැනි සේවා දිගුවයි. මෙම සේවා දිගුව දෙන්නේ ඉතා කෙටි කලකටය. ඒ සති තුනක් වැනි කෙටි කාලයක් සඳහාය. මේ තුළින් කියා පාන්නේ මින් ඉදිරියට සී.ඩී.ට සේවා දිගුවක් නොලැබෙන බවද? නැති නම් පොලිස්පතිධූරය සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය තුළ සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ ගොඩනැගී ඇති සීතල යුද්ධයට සති තුනක කාලය තුළ නැවතීමේ තිත තැබෙන බවට වූ ඉගියක්දැයි ඇත්තෙන්ම මේ වන විට ඇත්තේ ප්‍රශ්නාර්ථයක් පමණි. මේ ගැන 85000ක් වූ පොලිස් නිලධාරීන් අතරද ඇත්තේ කුතුහලයකි. ඒ තමන්ගේ ඊළඟ නායකයා කවුරුන්දැයි දැන ගැනීමට ඔවුන්ද බලා සිටින බැවිනි.
ජනාධිපතිවරයාට සමීප තොරතුරු මගින් දැනගන්නට ඇති ඇති ආකාරයට අනුව නම් තවමත් ජනාධිපතිවරයා ඊළඟ පොලිස්පතිවරයා කවුරුන්දැයි නිෂ්චිත තීරණයකට එළඹ නැත. පොලිස්පතිධූරය ගැන ජනාධිපතිවරයා යම් තීන්දුවක් ගන්නේ නම් ඒ චීන සංචාරය නිමාකොට පැමිණිමෙන් අනතුරුවය. එම තීන්දුව අලුත් පොලිස්පතිවරයෙක් පත්කිරීමක් ගැනද එසේත් නොමැති නම් මෙම පොලිස්පතිවරයාවම තවදුරටත් තබා පොලිස් සේවයේ තබා ගැනීමක් ගැනද යන්න පිළිබද ගනීවිදැයි කියන්නට තවමත් කල් වැඩිය.
සී.ඩී.ගේ සති තුනක කාලය ඉක්ම යන විට ඇතැම් විට පොලිස්පතිධූරටට තරගයත් ඇති අධිකරණයේ නඩු කටයුතු ඇති නිලධාරීන් සම්බන්ධයෙන්ද තීන්දු තීරණ රැසක් ප්‍රකාශයටද පත්ව තිබෙන්නට ඇති ඉඩකඩ ද බොහෝය. පොලිස්පතිධූරය සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගැනීමේදී ජනාධිපතිවරයාට එයද ඉවහල්වීමට ඇති ඉඩකඩ බොහෝය.
පොලිස්පතිධූරය යනු රටක නීතිය හා සාමය පවත්වාගෙන යන අභීයෝගාත්මක තනතුරකි. ජනාධිපතිවරයා මෙම තනතුරට නිලධාරියෙක් පත්කිරීමට මෙතරම් කල්මරන්නේද ඒ නිසා විය හැකිය. ඒ අනුව ඉදිරි සති තුන ශ්‍රී ලංකා පොලීසියේ තීරණාත්මක කාල පරාසයක් වනු ඇත.
පොලිස් සේවයේ නොවන සිවිල් සේවයේ නිරත නිලධාරියෙක් පොලිස්පතිධූරයටපත්කිරීම කෙරෙහි යම් මතයක් ඉදිරිපත්වූ බව ද මෙහිදී අමතක නොකල යුතුය.