තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෙඩි කෑ සීතාට තාම සුව නෑ -බෙහෙත් දාන්න සල්ලිත් නෑ

    වෙඩි කෑ සීතාට තාම සුව නෑ -බෙහෙත් දාන්න සල්ලිත් නෑ

    පෙරහැරට සහභාගිවීමෙන් අනතුරුව මහියංගන රජමහා විහාර පරිශ්‍රයේදී වෙඩි ප්‍රහාරයට ලක්වු සීතා ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් සුවඅතට පත්ව නොමැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධාන මහාචාර්ය අශෝක දංගොල්ල පවසයි.

    ප්‍රතිකාර සඳහා සීතා ඇතින්නගේ භාරකරුටද මුදල් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බව හෙතම පැවසීය.

    වෙඩි වැදී දින 15ක් ගත වුවත් සීතා ඇතින්නගේ සුවදුක් බැලීමට වගකිවයුතු කිසිදු නිළධාරියෙකු මෙතෙක් පැමිණ නොමැති බවට ද භාරකරුවන්ගෙන් චෝදනාවක් තිබේ.

    සීතා ඇතින්න වෙඩි ප්‍රහාරයට ලක්වුණේ පෙරහැර අවසන් වී දේවාලයට ආසන්න ස්ථානයක බැඳ සිටියදීය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්නැයි මහියංගණය රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි ඇතුළුව පාර්ශව රැසක් පසුගියදා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළහ.

    අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to kamalikaCancel reply

    spot_img
    spot_img