තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහකන්නයට යූරියා පොහොර බෙදාහැරීම අද සිට

    මහකන්නයට යූරියා පොහොර බෙදාහැරීම අද සිට

    මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් අද(09) සිට බෙදාහැරීමට පියවර ගෙන තිබේ.

    රජයට අයත් පොහොර සමාගම්වලට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    ඒ අනුව ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් බෙදා හැරීමේ කටුයුතු සිදුකරනු ඇත.

    එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට හැකි අතර කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9000ක මුදලට අලෙවි කිරීමට නියමිතයි.

    එමෙන්ම රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් ලබා දීමට ද රජය පියවර ගෙන තිබේ.

    වී වගාවට මෙන්ම එළවළු ඇතුළු අනෙකුත් වගාවන් සඳහා ද යූරියා ඇතුළු අනෙකුත් පොහොර සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img