fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රෝග පැතිරීමේ අවදානමක්! -ගෙදර උයන කෑම විතරක් කන්න

    රෝග පැතිරීමේ අවදානමක්! -ගෙදර උයන කෑම විතරක් කන්න

    ජලගැලීම් පවතින ප්‍රදේශවල මී උණ සහ පාචනය පැතිර යාමේ අවදානමක් පවතින බව, මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    මේ වන විට මී උණ වැලැක්වීමේ පූර්ව ප්‍රතිකාර ජනතාවට ලබා දීමට කටයුතු කරන බව එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

    ගංවතුර තත්ත්වය හේතුවෙන් මැස්සන් මගින් බෝවන රෝග සහ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ද ඉහළ බව, ඔහු සඳහන් කළේ ය.

    ඒ අනුව, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

    රෝග ව්‍යාප්තිය වළක්වා ගැනිම සඳහා හැකිතාක් නිවෙස්වල පිළියෙළ කළ ආහාරපාන භාවිත කිරීමට යොමු විය යුතු බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න