තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැස්ස නිසා ගාල්ලේ ඉස්කොලත් නිවාඩුයි

    වැස්ස නිසා ගාල්ලේ ඉස්කොලත් නිවාඩුයි

    ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ද හෙට (09) සහ අනිද්දා (10) දෙදින වසා තැබීමට තීරණය කර තිබේ.

    අධික වැසි තත්ත්වය නිසා මතුවූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

    මීට පෙර මාතර දිස්ත්‍රික්කයේ පාසල්ද වසා දැමිමට තිරණය කර තිබුණි.

    දකුණු පළාත් ආණ්කාර විලි ගමගේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් ඇතුලු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් සමග කරන ලද සාකච්ඡාවකදි මෙම තිරණය ගෙන ඇත.

    ඒ අනුව මාතර සහ ගාල්ල දිස්ත්‍රික් දෙකෙහිම පාසල් හෙට සහ අනිද්දා දෙදින වසා තැබෙනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img