තවත්
    මුල් පිටුවspecialරොකට් ප්‍රහාර 5000ක් -ඊශ්‍රායලයේ යුද්ධයක්

    රොකට් ප්‍රහාර 5000ක් -ඊශ්‍රායලයේ යුද්ධයක්

    ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අද දිනයේ එරට තුල විශේෂ යුධ තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

    මෙලෙස අග්‍රාමත්‍ය නෙතන්යාහු විසින් යුද්ධයක් ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානයේ සාමාජියින් විසින් ඊශ්‍රායලය වෙත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟයි. ගාසා තීරයේ සිට හමාස් සංවිධානයේ සමාජිකයින් අනපෙක්ෂිත ආකාරයේ රොකට් ප්‍රහාරයක් එල්ලකරමින් අලුයම් සමයේදී ඊශ්‍රායල සීමාවන් පසුකරමින් ඇතුලත් වී තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් විස්සකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති අතර තවත් දෙසිය පනහකට අධික පිරිසත් තුලාව ලබා තිබේ. මේ අතර ප්‍රහාරයත් සමඟ ක්‍රියාත්මක වූ ඊශ්‍රායල හමුදා විසින් සිය ප්‍රහාරක ගුවන් යානා යොදා ගනිමින ගාසා හී පිහිටි හදුනාගත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබේ.

    ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන අන්දමට හමාස් සමාජිකියන් විසින් සිවිල් වැසියන් සිය ග්‍රහනයට ගෙන ඇති අතර එහිදී සිවිල් වැසියන් සිටින ප්‍රදේශ වලට ප්‍රහාරයන් එල්ල කළ බවටද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    එමෙන්ම හමාස් සංවිධානය විසින් පලස්තීන ජනතාවගෙන් තම භූමිය වෙනුවෙන් සටන් කරන ලෙසට ඉල්ලා ඇති අතරම ඔහු හමාස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ රොකට් ප්‍රහාර 5000ක් පමණ එල්ල කිරීමට ඔවුන් සමත් වූ බවයි.

    තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායල පාර්ශවයෙන් පවසා ඇත්තේ තවත්ව පාලනය කිරීමට ආරක්ෂක අංශ යොදාව ඇති බවත් ඔවුන් හමාස් සමාජිකියන්ට දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත්ය.

    කෙසේවෙතත් හමාස් සංවිධානයට සම්බන්ධ මාධ්‍ය ඊශ්‍රායල ආරක්ෂක අංශ සමාජිකයින්ගේ සිරුරද සහිත දර්ශනද ප්‍රචාරය කර ඇති බවදට වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img