තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අපනයන සම්බාධක ලැයිස්තුවට චීන සමාගම් -ඇමරිකාවට දැඩි විරෝධයක්

    අපනයන සම්බාධක ලැයිස්තුවට චීන සමාගම් -ඇමරිකාවට දැඩි විරෝධයක්

    ඇමරිකානු වාණිජ අමාත්‍යාංශය විසින් චීන සමාගම් අපනයන සම්බාධක පැනවීමේ ලැයිස්තුවට එක් කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.

    චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා අද (7) මේ බව පැවසුවේ, රුසියාව හා සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් ඇතැම් චීන සමාගම් අපනයන සීමා පැනවීමේ ලැයිස්තුවට එක්කරන බවට ඇමරිකානු වාණිජ අමාත්‍යාංශය පසුගියදා කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙනි. රුසියාව හා සම්බන්ධතා හුවාදක්වමින් ඇමරිකාව කෙටිකලක් තුළ චීන සමාගම් සඳහා යළිත් මෙලෙස සම්බාධක පනවා ඇතැයි ද එම ප්‍රකාශකයා පෙන්වාදෙයි.

    ඇමරිකාව අපනයන පාලන ක්‍රියාමාර්ග අනිසි ලෙස භාවිත කරමින්, චීන සමාගම්වලට අත්තනෝමතික ලෙස ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම හා “දුරස්ථ අධිකරණ බලය” ක්‍රියාවට නැංවීම ආර්ථික බලහත්කාරකමක් මෙන්ම දැඩි හිංසා කිරීමක් වන අතර, චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වන බව ද හෙතෙම අවධාරණය කළේය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img