තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්DIGලා තුනක් SDIG වෙද්දී SSPලා පහක් DIGලා වෙයි

    DIGලා තුනක් SDIG වෙද්දී SSPලා පහක් DIGලා වෙයි

    පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක වරුණ ජයසුන්දර , අපරාධ අංශභාර අසංක කරවිට , හම්බන්තොට හා මාතර දිසා භාර මහේෂ් සේනාරත්න යන නියෝජ්‍ය පොලිස්පතිවරු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස උසස්වීම් ලැබීමත් සමග ජේෂ්ඨ පොලිස් අධිකාරිවරු පස් දෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස උසස් කිරීමට පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසම වෙත කළ නිර්දේශයට අනුමැතිය හිමිව ඇත.

    එසේ අනුමැතිය හිමිව ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ සාමන්ත විජේසේකර , කොළඹ දකුණ කොට්ඨාසය බාර පොලිස් ප්‍රධානී ගයාන් මාරපන, බදුල්ල කොට්ඨාස බාර පොලිස් ප්‍රධානී සුජිත් වෙදමුල්ල යන ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කරන දීප්ති හෙට්ටිආරච්චි , අතුල රත්නායක යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ටය.

    මෙම නිලධාරීන්ගේ උසස් වීම් වලට අදාල අනුමැතිය මේවන විට ලැබීීඇතිි බව පොලිස් කොමිසන් සභාවේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

    මේ අතර සිටින සුජිත් වෙදමුල්ල, සාමන්ත විජේසේකර ,ගයාන් මාරපන යන නිලධාරීන් තිදෙනා ම බදුල්ලෙන් පොලිස් සේවයට පැමිණ එකට සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස උසස්වීම් ලැබූ නිලධාරීන් පිරිසකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img