කොළඹ නගරයේ මහාමාර්ග ආශ්‍රිතව පිහිටි අවදානම් තත්ත්වයේ පවතින ගස් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.
ඉදිරි සතිය තුළදී කොළඹ නගරයේ මහාමාර්ගය ආශ්‍රිතව පිහිටා ඇති ශාකවල තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් හරහා අධ්‍යනයක් සිදුකරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කොල්ලුපිටිය ආර්.ඒ.ද මෙල් මාවත ආසන්නයේදී ඊයේ(06) ලංගම බස් රථයක් මතට රොබරෝසියා වර්ගයේ විශාල ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබුණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ උපදෙස් මත අදාළ කමිටුව ස්ථාපනයට නියමිතය.
කොළඹ නගරයේ ඇති අනතුරුදායක තත්ත්වයේ පවතින පැරණි ගස් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ උපදෙස් මත අනිද්දා පැවත්වීමට නියමිතය.
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විශේෂඥයන් ඇතුලු ශාක විශේෂඥයන් මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු පාර්ශවවල සහභාගීත්වයෙන් එය පැවැත්වේ.