තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එට්කා ගිවිසුම යළිත් කරළියට

    එට්කා ගිවිසුම යළිත් කරළියට

    ඇනහිට ඇති ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පියවර ගෙන තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රධාන සාකච්ඡාකරුවන් ගෙවුණු සැප්තැම්බර් 19 වනදා මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇත.

    එය, මෙම ගිවිසුම සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡා වට 11 කින් පසු සාකච්ඡා අඛණ්ඩව සිදුකිරීම සනිටුහන් කිරීමක් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

    ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම වඩාත් පුළුල් සහ ශක්තිමත් කිරීමේ අරමුණින් 2016 සිට 2019 දක්වා කාලය තුළ මෙම ගිවිසුම පිළිබඳ සාකච්ඡා වට 11 ක් පවත්වා ඇත.

    එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර වසර දහයකට ආසන්න වෙමින් පවතී.

    මෙම ගිවිසුම පිළිබඳ කරළියට එන අවස්ථාවලදී එය දැඩි ලෙස සමාජයේ කතාබහට තුඩු දුනි.

    ඉන්දියාවට මෙම ගිවිසුම මගින් වැඩි වාසි අත්වනවා යැයි පවසමින් ආරම්භයේ සිට මෙරට වෘත්තීය සමිති සහ විවිධ කණ්ඩායම් ඊට දැඩි විරෝධයක් එල්ල කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img