වෙනස් වෙමින් පවතින ලෝකයේ වෘත්තීන්හි නියැළෙන ආකාරය අනුව අනාගතයට ගැලපෙන පරිදි, “අපේ වෘත්තීය සමිතිත් ඔන්ලයින් තියෙනවද? නැත්නම් සමාජය වෙනස් වෙනවද?” යන්න සිතා බැලීමට කාලය එළැඹ ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් රචිත The Right Eye නැමැති ග්‍රන්ථය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අද එළි දක්වන අවස්ථාවේදී සභාව අමතමිනි.
මෙම ග්‍රන්ථ එළිදැක්වීම, අමාත්‍යවරයාගේ උපන්දිනයට සමගාමීව යෙදී තිබීම විශේෂත්වයකි.
අතීතයේ දී මැයි දිනයේ එක්සත් ජාතික පක්ෂය ගෝල්ෆේස් පිටිය පිරවූයේ ඔවුන්ගේ කතා අහන්නට නොව, ලතා මංගේෂ්කාර්ගේ (ඉන්දියාවේ සුප්‍රසිද්ධ ගායිකා) ගීත ඇසීමට බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේ එම අවස්ථාවට සහභාගි වූ සියල්ල සිනහ ගන්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.
“මනුෂ නානායක්කාර ඇමතිතුමාට මම සුබ ප්‍රාර්ථනා කරනවා. වයස මම කියන්න යන්නේ නෑ. ඒක හොයාගන්න. එතුමා කම්කරු ඇමති ඇමැති හැටියට The Right Eye කියන පොත විශේෂයෙන්ම නිකුත් කරලා තියෙනවා. මම නම් තාම මේක කියවලා නෑ තුමා මට මේකේ තියන කරුණු කියෙව්වා. කම්කරුවන් ගැන. මේ කම්කරු වෘත්තීය සමිති සියල්ලම ඇති වුණේ ඇත්ත වශයෙන්ම කර්මාන්තකරණයෙන් පසුව. කර්මාන්ත ක්‍රමයක් නොතිබුණා නම් ඇත්ත වශයෙන්ම මේ විදියට කම්කරු සමාජයක් ඇති වෙන්නේ නෑ. ඒ නිසා මේ කර්මාන්ත තුළිනුයි කම්කරු යුගය ආරම්භ වුණේ. විශේෂයෙන්ම කාල් මාක්ස් ගෙන් පසුව තමයි මෙම ව්‍යාපාරය කොටස් දෙකකට සිදුවුණේ.
දැන් ලංකාවේ කම්කරු ව්‍යාපාරය ආරම්භ වුණේ කර්මාන්තවලින් නෙමෙයි. අපේ රටේ කර්මාන්ත තිබුණේ නෑ. කරත්තකාරයන් ගේ වර්ජනය ගැන කතා කළා. කර්මාන්ත තිබුන් නෑ. අපේ ඇත්ත වශයෙන්ම වෘත්තීය සමිති ඇතිවුණේ රජයේ සේවකයන්ගෙන්. කර්මාන්ත තිබුනා නම් වරාය, ඒ වගේම ඛනිජ තෙල් සමාගම නැත්තම් බස් සමාගම් සියල්ල ම ආණ්ඩුවට ගත්තා. ඒ ටිකත් ආණ්ඩුවට ගත්තා. එහෙනම් සම්පූර්ණයෙන්ම මේ ව්‍යාපාරය ඇත්ත වශයෙන්ම ඇති උනේ රජය නිසා. එදා පළමුවෙන්ම ඒ. ගුණසිංහ මහතාගෙන් ආරම්භ කරපු කම්කරු කර්මාන්තය, පසුව ලංකා සමසමාජය මාර්ගයෙන් ඒක තවත් දියුණු කළේ රජයේ අංශ වලින්. පලවෙනි වතාවට කම්කරු වෘත්තීය සමිති බලයට පත්වුණේ 1956 දී බණ්ඩාරනායක මැතිතුමාගේ කාලේ. මේ තමයි පළමුවෙන්ම කම්කරු ව්‍යාපාරය බලයට ආවෙ. වමේ එක්ක තිබුණේ ආණ්ඩුව. ජනසතු ව්‍යාපාරය කොටසක් කළාට මේ රටේ බහුතර ජනතාව හිටියෙ විශේෂයෙන්ම ගොවි ජනතාව. ඒත් ඒ ආණ්ඩුව අඳ ක්‍රමය අහෝසි කරන්න ගිහින් ආණ්ඩුවත් වැටිලා අගමැතිතුමත් ඝාතනය කළා. ඒකයි වෘත්තිය සමිතියේ පළවෙනි පලවෙනි කොටස.
දෙවෙනි කොටස තමයි 70 ආව වාමාංශික එක්සත් පෙරමුණ. ඒක අවසන් වුණේ අගමැති තුමිය සමසමාජ පක්ෂයේ රැස්වීම ඇඳිරි නීතිය දාලා නවත්තපු එක. ඉතුරු කොමියුනිස්ට් පක්ෂයෙන් දුම්රිය සේවක වර්ජනයට පිටවෙලා ගියා. එතනින් ප්‍රධානත්වය ගත්තේ එක්සත් ජාතික පක්ෂයත්, ජාතික සේවක සංගමයත්.
අපේ මැයි දින රැස්වීම්වලට මුළු ගෝල්පේස් පිට්ටනිය ම අපි පිරෙව්වා. අපේ කතා අහන්න නෙවෙයි, ලතා මංගේෂ්කාර්ගේ සිංදු අහන්න. අන්තිමට ඉතුරු වුණේ වතුකරයේ සමාජයේ වෘත්තිය සමිති. CWC සංවිධානයත්, අපේ ලංකා ජාතික වතු කම්කරු සංගමයත්. එතන ප්‍රශ්නය වුණේ පුරවැසිභාවය ලබා දෙන්න. ඉතින් පුරවැසිභාවය ලබා දුන්නෙ 1986 දී. ඉතුරු අයට 2003 දී. ඊට පස්සේ වතුකම්කරුවන් වතුකරයෙන් ඉවත් වෙලා දැන් වෙනත් තැන්වල තැන්වල රැකියා කරනවා. ඒ කතාව එතනින් අවසන් වුණා. ඇයි මේක කියන්නේ කියලා මං හිතන්නේ මනුෂ නානායක්කාර ඇමතිතුමාට ඒ ගැන කියන්න පුළුවන්. තාමත් තියෙනවා සමහර තැන් වල.
මම ඊයෙ කියෙව්වා අමෙරිකාවේ මිචිගන්වල යුනයිටඩ් ඔටෝ මේකර්ස් යුනියන් දැනට ෆෝඩ් රථවාහන සමාගම හැර ජෙනරල් මෝටර්ස් අනික් අයට විරුද්ධව අද වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. අලුත් විදියකට. ඒ අමතර කොටස් සපයන ඒ අයගේ කර්මාන්තශාලාවල දැන් වැඩ නවත්තල තියෙන්නෙ. දැන් අමතර කොටස් නෑ. අමතර කොටස් නැති නිසා ප්‍රධාන ඒවට එකතු කරන්නත් බෑ. මම කියෙව්වා බයිඩන් ජනාධිපතිතුමා හිටපු ජනාධිපති ට්‍රම්ප් එක්ක දෙන්නම එතැනට යනවා කියලා. මෙතන යම්කිසි වැඩ වර්ජනයක් කරගෙන යනවා. එංගලන්තයෙන් ඒ වගේ ඒවා ඇතිවෙලා තියෙනවා. ඇයි කියන්නේ කම්කරුවන් නැහැ. කම්කරුවන් මැද පන්තියට ඇවිත් තියෙනවා. අදත් ඉන්නේ ඒ වගේ. අද කම්කරුවන් කියන්නේ ඒ රටවල උපාධිධාරින්, ඉංජිනේරුවෝ. ඒ අය සේවක පිරිස් හැටියට ඒ අයගේ උවමනා එපාකම් ඊට වඩා වෙනස්. ඉතින් හැම තැනම ඒක සිදුවෙනවා.
අද බොහෝ දෙනෙක් බටහිර අඩු ගානේ 25%ක් 30%ක් වැඩපොළක් නැතුව වැඩ කරන්නේ ඔන්ලයින්. එතකොට කොහොමද සංවිධානය කරන්නේ (වෘත්තිය සමිති ව්‍යාපාරයක්). ගෙදර ඉඳන් ඕන වෙලාවක වැඩකටයුතු කරගෙන යන්න පුළුවන්. කැමති වෙලාවක වැඩ කටයුතු කරනවා. එතනත් තියෙනවා. ඉතින් මේක අලුත් විදියකට යන්න ඕනේ. කොහොමද ඒක ගෙනියන්නේ මොකද්ද අනාගතයට හිතන්නේ කියලා මට කියන්න අමාරුයි. ඉතින් මේ ගැන විශේෂයෙන්ම අපේ මනුෂ නානායක්කාර ඇමතිතුමා හොඳ විග්‍රහයක් කරලා තියෙනවා. ඉතිං අනාගතයට කොහොමද යන්නේ කියලා එතුමාට හිතන්න වෙයි. ඒ කාලෙට. අපේ වෘත්තිය සමිතිත් ඔන්ලයින් තියෙනවද? වෙනත් සංවිධානවලට එනවද? නැත්නම් සමාජය වෙනස් වෙනවද? මේ වෘත්තීය සමිති කර්මාන්තශාලා ඔක්කොම තිබුණෙ ජනතාව එක්රැස් වෙන්න ස්ථානවල. දැන් තියෙන්නෙ ඒ වෙනුවට ජනතාව බෙදිලා යන්න. Commiunication. එක තැන ඉන්නේ නෑ. ඒ වෙනසට එනවා. එතෙන්ට අපි කොහොමද යන්නේ කියලා අපිට හිතන්න තියෙන්නෙ. ඉතින් ඒ ගැන වැඩිය මං කතා කරන්න යන්නේ නෑ. අද උපන්දිනය තියෙන මනුෂ නානායක්කාර මැතිතුමා ට බාර දෙනවා.” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේය.