තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්‍රාමික DIGගේ නිවසට හොරු පනී

    විශ්‍රාමික DIGගේ නිවසට හොරු පනී

    විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා පදිංචි මිනුවන්ගොඩ පිහිටි නිවසට හොරු පැන ඇති බව මිනුවන්ගොඩ පොලීසිය කියයි.

    මිනුවන්ගොඩ – වේයන්ගොඩ පාරේ පිහිටි නිවසට හොරු ඇතුළු වී ඇත්තේ පසුගිය 22 වෙනිදා රාත්‍රී 11.45ත් 23 වෙනිදා උදෑසන 6.30ත් අතර කාලය තුලදීය.

    නිවසේ ජනේලයක් බිඳ නිවසට ඇතුළු වී ඇති පුද්ගලයා සොරාගෙන ඇත්තේ මෝටර් රථයේ යතුර ය. එම යතුරෙන් නිවස ඉදිරිපිට නතරකර තිබුුණු මෝටර් රථයේ දොරවල් විවෘතර මෝටර් රථය තුළ තිබුණු රුපියල් 15,000ක මුදලක් හා බැංකු කාඩ්පත සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි. අනතුරුව එම බැංකු කාඩ්පතින් රුපියල් 255,120ක ක් සොරාගෙන ගොස් ඇති බව පොලීසිට නියෝජ්‍ය පොලිස්පතිවරයා පැමිණිලිකර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img