තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූවෙක් දින 19කට පසු මියයයි

    මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූවෙක් දින 19කට පසු මියයයි

    මාලිගාවත්ත පොලිස් වසමේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී යතුරුපැදි සේවා ආයතනයක් අසලදී පසුගිය 09 වෙනිදා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ඊයේ සවස මියගොස් ඇත.

    කොළඹ 12 සාංචිආරච්චි වත්තේ පදිංචිකාරයෙක් වන දිනේෂ් ප්‍රදීප් (38) නැමැති අය මෙසේ මියගොස් ඇත.

    යතුරු පැදි සේවා ආයතනය විවෘත කළ දිනයේදී යතුරු පැදියක් සෝදමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණි.

    මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුම කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    මෙම වෙඩි තැබීමට මුල අගොස්තු 20 වෙනිදා කෙසෙල්වත්ත මාටිස් ලේන්හීදී පොඩි කවී නැමැති පාතාලයේ පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කිරීමට පළිගැනීමක් බව විමර්ශනවලින් අනාවරණය වී තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img