fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තත්වය බරපතළයි: දවස් 12ට රෝගීන් 1000ක්

    තත්වය බරපතළයි: දවස් 12ට රෝගීන් 1000ක්

    මෙම මාසයේ ගතවූ දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් 1,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ, වර්ෂාවත් සමඟ ඇතැම් ප්‍රදේශවල මදුරු ඝනත්වය ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවය.

    ඔහු මෙසේද පැවසුවා.

    “දිවයින පුරා මේ දක්වා ඩෙංගු රෝගීන් 63,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මේ මාසයේ දින 12 වන විට රෝගීන් 1,000ක වගේ ප්‍රමාණයකට ළඟාවෙලා තියෙනවා.

    දෛනිකව වාර්තාවන රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් පසුගිය කාලයේ අඩුවීමක් දකිනවා. දිනකට රෝගීන් 300කට අධික ප්‍රමාණයක තිබුණ රෝගීන් ප්‍රමාණය 100 දක්වා අඩුවෙලා තියෙනවා.

    එය හොඳ ප්‍රවණතාවයක්. වර්ෂාව තුළ දිවයිනේ ඇතැම් පළාත්වල විශේෂයෙන් බස්නාහිර සහ දකුණු පළාත සහ මධ්‍යම පළාත ඇතුළු පළාත් කිහිපයක රෝගීන්ගේ වර්ධනයක් වාර්තා වෙනවා. වර්ෂාවත් එක්ක රෝගය පැතිරීමේ අවදානමක් තියෙනවා.”

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.