එළඹෙන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනයට තීරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ පැවති සාකච්ඡාවේදීය.
එහි දී ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමථයකට පත් කර ගැනීම, නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුතු, ලිහිසි තෙල් අලෙවිය කිරීම සම්බන්ධයෙන් කරුණු පිළිබඳ දැනුවත් කර තිබේ.
එමෙන්ම සියලුම ඉන්ධනහල් සඳහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබා ගැනීමේ උපකරණ සවිකිරීමට ද තීරණය කර ඇති බව අමාත්‍යවරයා එහිදි පවසා තිබේ.