ආසියානු කුසලානය 2023 සුපිරි සිව්දෙනාගේ වටයේ අද(12) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 213කට සීමා කිරීමට දුනිත් වෙල්ලාලගේ ඇතුළු ශ්‍රී ලාංකික පන්දු යවන්නෝ සමත්වූහ.
ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය ලකුණු තුන්සිය පනහක පමණ ඉලක්කයක ආරම්භයක් ලබා දුන්නද, පන්දු යැවීමට දුනිත් වෙල්ලාලගේ කැඳවීමත් සමඟ ඉන්දීය ඉලක්කය මග හැරිණි.
එකොළොස්වන පන්දුවාරයේ දී ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 80ක්ව තිබිය දී සුබ්බාන් ගිල් දවාගත් වෙල්ලාලගේ, විරාත් කෝලි ගේ කඩුල්ල සහ හොදින් පන්දුවට පහරදුන් නායක රෝහිත් ශර්මා (53) ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූයේය.
ඉෂාන් ක්‍රිෂාන් (33) කේ.එල් රාහුල් (39) සහ අක්ෂාර් පටෙල්(26) බිඳ වැටුණු ඉන්දීය ඉනිම ගොඩ ගත්හ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 40කට කඩුලු 5ක්, චරිත් අසලංක ලකුණු 18කට කඩුලු 4ක් දවාගත් හ.
ලකුණු 214 ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර පහක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබා සිටියි.
පැතුම් නිශ්ශංක ලකුණු 6කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් හා දිමුත් කරුණාරත්න දැනට පන්දුවට පහර දෙමින් සිටිති.
ඉන්දියාව 213/10 (49.1)
ශ්‍රී ලංකාව 25/1 (6.2)