තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රත්මලානේ සැකකටයුතු වෙඩි තැබීමක්

    රත්මලානේ සැකකටයුතු වෙඩි තැබීමක්

    රත්මලාන දුම්රියපල පාරේ පිහිටි නිවසකට අද අලුයම 3.30ට පමණ කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් නිවෙස් හිමියාව නිවසින් පිටතට ගෙන වෙඩි තබා පළාගොස් ඇත.

    දුම්රියපොල පාරේ පදිංචිකරුවෙන් වන විමුක්ති නුවන් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි වැදී තුවාල ලබා තිබේ. ඔහු කළුබෝවිල රෝහලට ඇතුලක්කර ඇත. මෙම පුද්ගලයා මත්කුඩු ජාවාරමට සම්බන්ධ අයෙක් බව පොලීසිය පවසයි.

    යතුරුපැදියකින් සහ මෝටර් රථයකින් පැමිණ ඇති වෙඩික්කරුවන් මෙම පුද්ගලයාව නිවසින් පිටතට ගෙන රැගෙන යාමට උත්සහා දරා ඇති බවත් එහිදී ඔහු ඊට එරෙහිව වීමත් සමඟ අතුරු මාර්ගයකදී වෙඩි තැබීම සිදුව ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    මෙම වෙඩි තැබීම පාතාලයේ ගැටුමක් නොවීමට හැකි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img