ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුර නොමැතිව වෙනත් ඕනෑම තනතුරක් වෙනුවෙන් දයාසිරි ජයසේකර මහතා පක්ෂයට භාරගැනීමට සුදානම් බව හිටපු ජනාධිපති, පක්ෂ සභාපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
දයාසිරි ජයසේකර මහතා පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය අද පෙරවරුවේ ඉබි යතුරු දමා වසා තිබුණි.
අද (06) දහවල් ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පක්ෂ කාර්යාලයේ කටයුතු යළි ආරම්භ කෙරුණි.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
“අයින් කරලා නෑ… තාවකාලිකව පොඩ්ඩක් එයාගේ වැඩකටයුතු නැවැත්තුවා.
අද අධිකරණයේ නඩුවක් තියෙනවා මාව නායකත්වයෙන් අයින් කිරීම පිළිබඳව. තව කරුණු ගණනාවක් තියෙනවා. ඒවාගේ විස්තර කියන්න මම එච්චර කැමති නෑ.
එයාට කිසිම ප්රශ්නයක් නැතුව පක්ෂයට එන්න පුළුවන් අපි භාරගන්නවා.ලේකම් තනතුර හැර වෙන ඕනෑම තනතුරකට එයාව භාරගන්නවා.
සාමාජිකත්වය අත්හිටුවලා තියෙනවා. ඒක ඕනෑම වෙලාවක අයින් කරගන්න පුළුවන් අපිත් එක්ක එකඟත්වකට ඇවිත්, එයා කරන අනං මනං වැඩ නවත්තලා ආවොත්.”