fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මානව හිමිකම් පැමිණිලි 11000ක් විමර්ශනය ඇරඹෙයි

    මානව හිමිකම් පැමිණිලි 11000ක් විමර්ශනය ඇරඹෙයි

    ජනතාව විසින් මානව හිමිකම් උල්ලංඝණය වීමේ සිදුවීම් සම්බන්ධයෙන් යොමු කළ පැමිණිලි 11000 කට අධික සංඛ්‍යාවක් කඩිනමින් විමර්ශනයට මානව හිමිකම් කොමිසම විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

    ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාල මට්ටමින් එම පැමිණිලි විමර්ශනය කරන බව එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

    මානව හිමිකම් කොමිසමට යොමු කළ ඇතැම් පැමිණිලි වෙනත් ආයතන වෙත යොමු කළ යුතු පැමිණිලි බව මූලික විමර්ශනවලදී හෙළිව ඇත.

    ඒ අනුව අදාළ පැමිණිලි රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, කම්කරු දෙපාර්තමේන්තුව හා පාරිභෝගික කටයුතු අධිකාරිය යන ආයතන වෙත යොමු කිරීමට නියමිතයි.

    එම පැමිණිලි අදාළ ආයතනවලින් නිසි පරිදි විමර්ශනය කරන්නේදැයි අධීක්ෂණය කරන බව ද නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.

    ඔහු පැවසුවේ, ලැබී ඇති සියලු පැමිණිලි කඩිනමින් විභාග කිරීමෙන් ජනතාවගේ මානව හිමිකම් කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් සාධාරණය ඉටුකළ හැකි බවය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.