සරල බහුතරයකින් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
ඒ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අගෝස්තු 28 වනදා අවසන් කිරීමෙන් පසු එම තීන්දුව කථානායකවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුවයි.
ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් වන චතුරංග අබේසිංහ ඇතුළු දෙදෙනෙකු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.