තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්QR ක්‍රමය ඉදිරියේදී ආයෙත්!

    QR ක්‍රමය ඉදිරියේදී ආයෙත්!

    QR ක්‍රමවේදය හෙවත් ජාතික ඉන්ධන අවසරපත, උසස් තාක්ෂණය යොදාගනිමින් ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    භාවිතයෙන් ඉවත් කළ මෙම QR ක්‍රමවේදය දත්ත එක් රැස්කිරීම හා විශ්ලේෂණය වෙනුවෙන් මෙවලමක් ලෙස යොදාගන්නා බව අමාත්‍යවරයා සදහන් කළේ ය.

    ජාතික ඉන්ධන අවසරපත් කිව් ආර් ක්‍රමවේදය පසුගිය වසරේ අගෝස්තු මස හඳුන්වාදීමේ අරමුණ වුයේ ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිලියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කිරීමට බව ඔහු පෙන්වා දෙයි.

    ඒ තුළින් පැවති සමාජීය සහ ආර්ථික ගැටළු කළමනාකරණය කර ඇතිව තිබූ අර්බුදයන් අවසන් කිරීමට මෙන්ම ජන ජීවිතය ස්ථාවර කර ගැනීමට හැකිවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img