තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාර්යාලයකදී බීමතින් යකානැටූ STF සෙබළා අත්අඩංගුවට

    කාර්යාලයකදී බීමතින් යකානැටූ STF සෙබළා අත්අඩංගුවට

    උඩරට කලා සංගම් කාර්යාලයේදී බීමතින් කලහාකාරී ලෙස හැසුරුණු පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙකුව දළදා මාළිගාව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    විශේෂ කාර්ය බලකා මෙම නිලධාරියා බීමතින් කලහාකාරී ලෙස හැසිරී ඇත්තේ රාජකාරියේ යොදවා සිටියදී බව දළදා මාළිගාව පොලීසිය සඳහන් කරයි.

    මෙම නිලධාරියා ගම්පොල කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටින්නෙකි.

    පසුගිය 01 වෙනිදා රාත්‍රී 10.00 සිට 02 වෙනිදා අලුයම 6.00 දක්වා යුධ හමුදා නිලධාරියෙකු සමඟ රාජකාරියේ යොදවා සිටි මෙම නිලධාරියා බීමතින් කලහාකාරී ලෙස හැසිරෙන බව දැක ඇත්තේ මාළිගාව පොලීසියේ එදින රාත්‍රී කාර්යභාර නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක නිලධාරියාය.

    එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් මෙම කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන වෛදවරයෙකු හමුවට ඉදිරිපත්කර බීමතින් සිටින බව තහවුරුකරගෙන ඇත. මෙම කොස්තාපල්වරයා උඩරට කලා සංගම් කාර්යාලයේ බාහිර බිත්තියේ ප්‍රදර්ශනයට තබා තිබුණු ඡායාරූප 09කටද හානිකර ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img