තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිටරැටියෙක් වැලිගම සංචාරක හෝටලයකට ගිනිතියලා

    පිටරැටියෙක් වැලිගම සංචාරක හෝටලයකට ගිනිතියලා

    වැලිගම කුරුදුවත්තේ පිහිටි ‘සන් ඇන්ඩ් සී’ නැමැති සංචාරක නිවාඩු නිකේතනයේ හිමිකරුට පිහියකින් ඇන තුවාල කළ ඊජිප්තු ජාතිකයකු නිවාඩු නිකේතනයට ගිනි තබා කළහාකාරී ලෙස හැසිරී තිබේ.

    Hytham Hassan Bayomy Ibrahim Eldakar නැමැති මෙම ඊජිප්තු ජාතිකයා අවුරුදු 33ක් වයසැති අයෙකි. මෙම පුද්ගලයාව දැඩි පරීශ්‍රමයක් දරා වැලිගම පොලීසියේ නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම ඊජිප්තු ජාතිකයා ගිනි ගනිමින් තිබුණු ගොඩනැගිල්ලට ඇතුළුවීම හේතුවෙන් ඔහු පිළිස්සුම් තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    පිහි ඇනුමෙන් තුවාල ලැබූ නිවාඩු නිකේතනයේ හිමිකරුවන කේ.කේ. මිහිරංග වැලිගම රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගන්නා බව පොලීසිය කියයි.

    මෙම ඊජිප්තු ජාතිකයා මෙසේ හැසුරුනේ ඇයිදැයි අනාවරණය නොවන බව පොලීසිය කියයි. මෙම ගිනි තැබීමෙන් නිවාඩු නිකේතනයේ රැදී සිටි අමෙරිකානු යුවලකගේ සහ රුසියානු ජාතිකයෙකුගේ දේපොලවලටද හානි සිදුව ඇත.

    මෙම ඊජිප්තු ජාතිකයා වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව වසර දෙකක කාලයක් තිස්සේ මෙරට රැදී සිටින බව අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img