fbpx
තවත්
    මුල් පිටුවGOSSIPMessenger Lite යන්නම යයි

    Messenger Lite යන්නම යයි

    ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක ස්මාර්ට් සන්නිවේදන උපකරණ පරිශීලකයින් සඳහා Messenger Lite භාවිත මෘදුකාංගය (App) ඉවත් කිරීමට ෆේස්බුක් මව් සමාගම වන මේටා ආයතනය පියවර ගෙන තිබේ.

    ෆේස්බුක් පණිවුඩ හුවමාරු ඇප් එක වන්නේ මැසෙන්ජර් වන අතර එහි අඩු MB ප්‍රමාණයක් වැයවන, අවම පහසුකම් ඇති පණිවිඩ යැවීමේ යෙදුම ලෙස හඳුන්වා දී තිබූ Messenger Lite මෙලෙස භාවිතයෙන් ඉවත් කර ඇත.

    ලබන සැප්තැම්බර් 18 සිට වර්තමාන පරිශීලකයින් සඳහා යෙදුම සම්පූර්ණයෙන්ම වසා දමනු ඇති බව මේටා සමාගම නිවේදනය කරයි.

    නමුත් අනෙක් සියල්ලන්ට ද, මෙම මස මුලදී සිට Google Play Store හි මෙම යෙදුම ලබා ගත නොහැකි විය.

    Messenger Lite ප්‍රථම වරට 2016 දී හඳුන්වා දෙන ලදී.

    එම ඇප් එක බාගත කිරීමට වැයවූයේ 1MB ක් පමණි.

    එය අඩු මතකය සහ දත්ත භාවිතා කිරීමට සහ අඩු ක්‍රියාකාරී CPU (ප්‍රොසෙසර) සහ lower bandwidth connections මත ක්‍රියා කිරීමට සැලසුම් කර තිබූ නිසා මෙය ඉතාම බහුලව භාවිත වූ ඇප් එකකි.

    මෙම යෙදුම පැරණි ඇන්ඩ්‍රොයිඩ් උපාංග භාවිතා කරන පුද්ගලයින් ඉලක්ක කරයි.

    හඳුන්වාදෙන අවස්ථාවේදී මෙය 2009 හෝ 2011 සිට උපාංග ඉලක්ක කෙරිණ.

    ගෝලීය ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා මුලින් කෙන්යාව, මැලේසියාව, ශ්‍රී ලංකාව, ටියුනීසියාව සහ වෙනිසියුලාව තුළ මෙම ඇප් එක ක්‍රියාත්මක කරන ලද බව Meta හි Messenger හි හිටපු ප්‍රධානියා ඩේවිඩ් මාකස් එකල සමාජ මාධ්‍යවල පැවසීය.

    2021 දී iOS මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක සන්නිවේදන උපකරණ සඳහා Messenger Lite ලබාදීම අතහැර දැමූ බව Meta නිවේදනය කළේය.

    මේටා පැවසුවේ සාමාන්‍ය මැසෙන්ජර් ඇප් එක ‘Messenger Lite යෙදුම භාවිත කන තරම් කුඩා’ සහ “පරණ උපාංගයක හෝ අඩු සම්බන්ධතාවයක් ඇති ප්‍රදේශයක වුවද වේගවත්” බවයි.

    ‘ඔබට ඔබගේ පැරණි සංවාද (චැට්) ඉතිහාසය බැලීමට ඔබගේ උපාංගයේ iOS සඳහා Messenger Lite යෙදුම තබා ගත හැක. නමුත් එය මකා දැමූ පසු ඔබට App Store වෙතින් නැවත යෙදුම බාගත කිරීමට නොහැකි වනු ඇති බව සලකන්න.’ මේටා පැවසීය.

    ‘අගෝස්තු 21 සිට, Android සඳහා Messenger Lite යෙදුම භාවිතා කරන පුද්ගලයින් පණිවිඩ යැවීමට සහ ලබා ගැනීමට Messenger හෝ FB Lite වෙත යොමු කරනු ලැබේ.’ යැයි මේටා සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.