තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ රෝගී තත්ත්වයට අනවශ්‍ය බයක් එපා

    ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ රෝගී තත්ත්වයට අනවශ්‍ය බයක් එපා

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකු හදිසියේ අසනීප වී මියයාමට හේතුවූ බව කියන මෙනින්ගොකොකල්-මෙනින්ග්ජයර්ටීස් නමැති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට අනියත බියක් ඇති කරනොගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    සෑම වසරකම මෙවැනි රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වන බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් හදිසියේ අසනීප තත්ත්වයට පත්වු අතර ඔවුන්ට මෙම මෙනින්ගොකොකල් – මෙනින්ග්ජයර්ටීස් නමැති රෝගී තත්ත්වය වැළදී ඇති බවට අනාවරණය වී තිබුණි.

    ඔහු මෙසේද කීය. “මෙම රෝගී තත්ත්වය යටතේ සෑම වසරකම රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වෙනවා. මේක හඳුනා නොගත් රෝගී තත්ත්වයක් නෙමෙයි. මේක ආශ්‍රිතයින් මාර්ගයෙන් පැතිරෙන්න පුළුවන්. මේකෙන් ප්‍රජාවට කිසිම බලපෑමක් නැහැ. මුලින් හඳුනගත් රෝගීන් දෙදෙනා විතරයි තාම වාර්තා වෙලා තියෙන්නේ. මේ වගේ රෝගයක් පැතිරෙන්න පුළුවන් සමීප ආශ්‍රිතයන් ඇසුරෙන්.”

    සබැඳි පුවත් ගාල්ල බන්ධනාගාර රැඳවූවන් මියගියේ බැක්ටීරියාවකින් -පැතිරිය හැකි තැන් මෙන්න..

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img