ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමි, මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී හිමියෝ අද(24) අලුයම අපවත් විය.
උන්වහහන්සේ අපවත් වන විට 73 වියේ පසු විය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහාලේඛකාධිකාරී පදවිය ද හෙබවූ උන්වහන්සේ සම්බුද්ධ ජයන්ති කමිටුවේ මෙන්ම තවත් කමිටු රැසක තනතුරු ගණනාවක් හොබවා, ශාසනයට අතිමහත් මෙහෙවරක නියැලුණු ස්වාමීන් වහන්සේ නමකි.
1963 වර්ෂයේදී පැවිදි දිවියට පත් උන් වහන්සේ විවිත්‍ර ධර්ම කථිකයෙකි.
නැදගමුවේ විජයමෛත්‍රී අනුනාහිමියෝ විදේශ ධර්ම දූත සේවාවන්හි ද නිරත වෙමින් රාමඤ්ඤ මහා නිකායේ බැබළවීමට ක්‍රියා කළ තෙරනමක් ලෙසට ප්‍රකට ය.