තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රිකුණාමල නාවික ජැටිය කඩා වැටී සිසුවියන් 17ක් මුහුදට වැටීම ගැන විමර්ශනයක්

    ත්‍රිකුණාමල නාවික ජැටිය කඩා වැටී සිසුවියන් 17ක් මුහුදට වැටීම ගැන විමර්ශනයක්

    ගල්ගමුව වන්නිකුඩාවැව සිරිසඟබෝ මහා විද්‍යාලයේ 08 සහ 09 ශ්‍රේණිවලද සිසුන් 110දෙනෙකු ගුරුවරු 13 දෙනෙක්ද සමඟ ත්‍රිකුණාමලය තිස්ස නාවික හමුදා කඳවුර වෙත ඊයේ පැමිණ ඇත්තේ අධ්‍යාපන චාරිකාවක් සඳහාය.

    ඒ පැමිණි සිසුන් නාවික හමුදා කදවුර නැරඹීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් බෝට්ටු දෙකකින් නාවික චාරිකාවක් රැගෙන ගොස් ඇත.

    නාවික හමුදාවට අයත් බෝට්ටු දෙකකින් මහා මුහුදේ චාරිකාවක් රැගෙන ගිය සිසුන්ව නැවතත් නාවික හමුදා ජැටිය වෙත රැගෙනවිත් එම සිසුන් යාත්‍රාෙවන් ගොඩබසින විට එකවරම ජැටියේ කොටසක් කඩා වැටී ඇති බව ත්‍රීකුණාමලය වරාය පොලීසිය කියයි.
    එහිදී සිසුවියන් 17 දෙනෙකු කොන්ක්‍රීට් තට්ටුව සමඟ මුහුදට වැටී ඇති බවත් ඒත් එක්කම නිවික හමුදාව විසින් මුහුදට පැන එම සිසුවින් බේරාගෙන ඇති බවත් පොලීසිය කියයි.

    එම සිසුවියන්ගෙන් 14 දෙනෙක් තිස්ස නාවික හමුදා රෝහලේද සිසුවියන් 03 දෙනෙක් ත්‍රිකුණාමලය රෝහලේද ප්‍රතිකාර ලබයි. මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img