තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහනුවර ඇසල පෙරහර ගමන් මඟට පතොරම් රැගෙන ආ රියදුරු කොටුවෙයි

    මහනුවර ඇසල පෙරහර ගමන් මඟට පතොරම් රැගෙන ආ රියදුරු කොටුවෙයි

    මහනුවර ඇසල පෙරහැර ගමන් ගන්නා මාර්ගයට ටී 56 පතොරමක් රැගෙන ඇතුළුවීමට තැත්කල පුද්ගලයෙකුව පොලීසිය ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

    වෘතිත්යෙන් රියදුරෙක් වන මැද මහනුවර වෙඩරුවේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් බෑගයක තිබී මෙම පතොරම හමුවී තිබේ.

    මහනුවර ඇසල මහා පෙරහැරට සමගාමීය මේ දිනවල කුඹල් පෙරහැර පැවැත්වේ. පෙරහැර ගමන් මග දැඩි ආරක්ෂිත කලාපයක් බවට පත්කර තිබේ. එම මාර්ගයට ඇතුළු වන සෑම පුද්ගලයෙකුවම දැඩි පරීක්ෂාවකටද ලක්කරනු ලබයි.

    එසේ පෙරහැර විශේෂ රාජකාරියේ නිරත ආරක්ෂක අංශ නිලධාරීන් කණ්ඩායමක් යටිනුවර වීදියේ සෝදිසි කිරීම්වල නිරතව සිටියදී මෙම පුද්ගලයාගේ ගමන්මල්ලෙහි තිබී පතොරම සොයාගෙන ඇත.

    මෙම පතොරම සජීවී එකක් බවත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img