තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දියනෑමට ගිය සාමණේර හිමිගේ සිරුර ළි‍ඳ‍ේ පාවෙයි

    දියනෑමට ගිය සාමණේර හිමිගේ සිරුර ළි‍ඳ‍ේ පාවෙයි

    මීගහවත්ත නාරංවල පිහිටි සුමනකීර්ති මහා පිරිවෙනේ වැඩ සිටි 12 හැවිරිදි සාමනේර හිමිනමක් දියනෑමට ළිඳට ගොස් සිටියදී ලිඳට වැටී අපවත්වී ඇත.

    මෙසේ අපවත්වී ඇත්තේ දංකොටුවේ අරියදේව නැමැති සාමනේර හිමිනම බව මීගහවත්ත පොලීසිය කියයි.

    ඊයේ 21 දහවල් දානය වැලදීමට පෙර උන්වහන්සේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.

    දිය නෑමට ගොස් බොහෝ වේලාවක් ගතවූවත් දානය වැලදීමට පවා මෙම සාමනේර හිමියන් නොපැමිණි බැවින් ඒ ගැන සොයා බැලීමේදී උන්වහන්සේගේ සිරුර ළිදේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img