වසර 94ක ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ ලුම්බිණි විද්‍යාලයේ Step Forward 2023 ලුම්බිණි පාගමන ලබන සැප්තැම්බර් 23 පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙය සංවිධාන කරනු ලබන්නේ ලුම්බිණි විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වන අතර, පාගමන පිළිබඳ දැනුම් දීම සදහා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී ලුම්බිණි පාගමනේ නිල ටී ෂර්ටය ද හඳුන්වා දුනි.
කොළඹ ලුම්බිණි විද්‍යාලය මෙම පාගමන වාර්ෂිකව සංවිධාන කරනු ලබන්නේ විද්‍යාලයේ අභිවෘධිය වෙනුවෙනි.
ලබන සැප්තැම්බර් 23 පෙරවරු 09 ට පාගමන කොළඹ ලුම්බිණි විද්‍යාලය අසලින් ආරම්භ වීමට නියමිතයි.
අනතුරුව පා ගමන තිඹිරිගස්යාය දක්වා ගමන් කොට, නැවත ඇන්ඩර්සන් පාරට පැමිණ නුගේගොඩ හරහා ලුම්බිණි ප්‍රථමික විද්‍යාලය දක්වා පැමිණීමට නියමිතය.
එහිදී රැප් ගායක ගායිකාවන්ගේ සංගීත ප්‍රසංගයක් පැවත්වීමට සැලසුම් කර ඇති බව සංවිධායක මණ්ඩලය පැවසීය.
විද්‍යාලීය සිසු සිසුවියන් , විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය , ආදී සිසු සිසුවියන් මෙන්ම දෙමව්පියන්ද ඒ සඳහා සහභාගී වෙති.
ලුම්බිණි ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධාන කරන Step Forward 2023 – ලුම්බිණි පාගමන පිළිබඳව වැඩි විස්තර 0783 381 381 අංකයෙන් ලබාගත හැකියි.