තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙවර ඇසළ පෙරහැරේ යන සතර දේවාල භාර අලුත් බස්නායක නිලමෙලා

    මෙවර ඇසළ පෙරහැරේ යන සතර දේවාල භාර අලුත් බස්නායක නිලමෙලා

    හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන සෙංකඩගල පුර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාලවල භාරකාරීත්වය නියෝජනය කරමින් පෙරහැරේ නව බස්නායක නිලමේවරුන් කිහිප දෙනෙකු ගමන් කිරීම මෙවර පෙරහැරේ දී සිදු ⁣වනු ඇත.

    ඉකුත් 2022 වසරේ සහ 2023 වසරේ මුල්භාගයේ මාසයේ 1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් පනතේ විධිවිධාන ප්‍රකාරව පැවති නිලවරණයන්ගෙන් තේරී පත් වූ නව බස්නායක නිලමේවරු කිහිප දෙනෙකු නව පත් වීමෙන් අනතුරුව ප්‍රථමයෙන් සහභාගී වන පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වේ.

    මහනුවර ශ්‍රී මහා නාථ දේවාලයේ වත්මන් බස්නායක නිලමේ තැම්පත් ඒ.ඩබ්.එස්.බණ්ඩාර මහතා මාතලේ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලය සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලය යන පිටිසර දේවාල ද්විත්වයක බස්නායක නිලමේ තනතුර දරමින් කටයුතු කළ වසර 18 අධික කාලයක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ බස්නායක නිලමේවරයකු වේ. ඔහු ශ්‍රී මහා නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස 2022 දෙසැම්බර් මස සිට කටයුතු කරනු ලබයි.

    මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ වත්මන් බස්නායක නිලමේ තැම්පත් දමින්ද බණ්ඩාර උඩුරාවන මහතා 2023 ජනවාරි මස ඒ සඳහා තේරී පත් වූ අතර පිටිසරබද දේවාලයක් වන පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ තනතුර ද දරනු ලබයි.

    සිරිත් පරිදි කුඹල් පෙරහැරවල සිව් මහා දේවාල පෙරහැරවල දී බස්නායක නිලමේවරු ගමන් ⁣කරනු නොලබන අතර ඒ වෙනුවට ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරේ දියවඩන නිලමේතුමන් නියෝජනය කරමින් දෙවෙනි, තෙවෙනි, සිව්වැනි සහ පස්වැනි කුඹල් පෙරහැරවල සිව්මහා දේවාලවල බස්නායක නිලමේවරු ගමන් කිරීම සිදු වේ.

    පළමු රන්දෝලි පෙරහැරේ සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරු තනිව ගමන් කරනු ලබන අතර ඉන් අනතුරුව ඒ ඒ දේවාලයන් හා සම්බන්ධ පිටිසරබඳ දේවාලවල බස්නායක නිලමේවරු ද සිව්මහා දේවාල පෙරහැර සමඟ සම්බන්ධ වනු ඇත.

    ඒ අනුව මේ වසරේ දී සිව් මහා දේවාල පෙරහැර සමඟ සම්බන්ධ වන පිටිසර බඳ දේවාලයන්ට ප්‍රථම වරට තේරී පත් වූ බස්නායක නිලමේවරු සිව් දෙනෙකි.

    වල්ලහගොඩ ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් ශ්‍රීමත් මධුෂංක බණ්ඩාර වැලිවිට මහතා ද, අලවතුගොඩ ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් භාෂණ උදීප බණ්ඩාර කුලතුංග මහතා ද, ගනේගොඩ ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් අසංක රණවන මහතා ද, ගඩලාදෙණිය ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් ප්‍රියන්ත යාපා බණ්ඩාර මහතා ද මෙම වසරේ දී ප්‍රථයෙන්ම සිව් මහා දේවාල පෙරහැර සමඟ සම්බන්ධ වන පිටිසර බඳ දේවාලවල බස්නායක නිලමේවරු වෙති.

    ශ්‍රී මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක මහතා
    ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා
    වල්ලහගොඩ ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් ශ්‍රීමත් මධුෂංක බණ්ඩාර වැලිවිට මහතා
    අලවතුගොඩ ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් භාෂණ උදීප බණ්ඩාර කුලතුංග මහතා
    ගනේගොඩ ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් අසංක රණවන මහතා
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img