තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති සුසිල්, ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුව අමතයි

    ඇමති සුසිල්, ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුව අමතයි

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුවට (Global Smart Education Conference) සහභාගී වෙයි.

    චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලය (Beijing Normal University – BNU) හා අධ්‍යාපනික තොරතුරු තාක්ෂණය සඳහා වන යුනෙස්කෝ ආයතනය (UNESCO IITE) එක් ව සංවිධානය කරන ලද ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුව – 2023 (Global Smart Education Conference) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගි විය.

    චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලයේ දී එම සමුළුව පැවැත්වුණි.

    2016 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම සමුළුවේ තේමාව වන්නේ ‘අධ්‍යාපන පරිවර්තනය සහ දත්ත කළමනාකරණයයි’.

    එම තේමාවට අනුව 2023 වසරට අදාළ ව ආධ්‍යාපනික ඩිජිටල්කරණය සහ යාවජීව අධ්‍යාපනය, දත්ත පාලනය හා ඥාන ගවේෂණය, කෘත්‍රීම බුද්ධි හා අධ්‍යාපනික සොයාගැනීම් පාලනය වැනි විෂයන් පිළිබඳ මෙහි දී සාකච්ඡා විය.

    ලොව පුරා විසිරී සිටින ප්‍රතිපත්ති සම්පාදකයන්, පර්යේෂකයන් සහ වෘත්තීකයන් මෙම සමුළුව‍ට සහභාගි විය.

    ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් තාක්ෂණිකව බලගැන්වීම් සහිතව මෙරට අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය සිදුකරගෙන යෑමේ දී මුහුණ දෙමින් සිටින අභියෝග හා ලද විවිධ අද්දැකීම් සම්බන්ධයෙන් කරුණු සහිතව අදහස් දැක්වී ය.

    අමාත්‍යවරයාගේ දේශනය එම සමුළුවේ වැඩි අවධානයක් දිනාගත් අතර මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදු කෙරෙමින් පවතින අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය සඳහා මෙහි දී ලද හැකි විශේෂඥ දැනුම ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img