තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බඹරුන්ගෙන් බේරෙන්න දිව්ව සිසුවා කන්දෙන් පහළට වැටිලා

    බඹරුන්ගෙන් බේරෙන්න දිව්ව සිසුවා කන්දෙන් පහළට වැටිලා

    නුවරඑළිය බඹරකැලේ වත්තේදී බඹර ප්‍රහාරයකට ලක්වූ සිසුවෙක් බඹරුන්ගෙන් බේරීමට දිව යමින් සිටියදී කන්දකින් පහලට ඇඳ වැටී මියගොස් ඇත.

    ඊයේ සවස් කාලයේදී සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ ශිවපෙරුමාන් ක්‍රිෂාන් නැමැති 16 හැවිරිදි සිසුවාය.

    මෙම සිසුවා මිතුරන් තිදෙනෙක් සමඟ ගමන් කිරීමේදී බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව නුවරඑළිය පොලීසිය කියයි. බඹරුන් මෙම සිව් දෙනාට පන්නමින් පහරදී ඇති බවත් එහිදී ඔවුන් සීසීකඩ දිවගොස් ඇති බවත් පොලීසිය කියයි. මෙම සිසුවා කන්දෙන් පහලට ඇද වැටී ඇත්තේ එහිදීය.

    නුවරඑළිය පොලීසියත් නුවරඑළිය මහා නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව කන්දෙන් ඇද වැටී සිටි සිසුවාව ගොඩගෙන නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇත. ඔහු මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img