තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිඟානක් පෙන්වා ලක්ෂ 25ක් වංචා කළ පොලිස් සාජන් කොටු

    පිඟානක් පෙන්වා ලක්ෂ 25ක් වංචා කළ පොලිස් සාජන් කොටු

    පෞරාණික වටිනාකමක් ඇති පිඟානක් බව පවසා කිසිදු පෞරාණික වටිනාකමක් නොමැති පිඟානක් ලබාදී පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුකලක් වංචා කළ පොලිස් සැරයන්වරයෙකුව මාතලේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැරයන්වරයා වෙළම්බඩ පොලීසියේ සේවයේ නිරතව සිටින්නෙකි. මෙම වංචාව ඔහු ඇතුලු කිහිප දෙනෙක් එක්ව කර ඇත්තේ පසුගිය මාර්තු මාසයේදීය.

    රැවටීමට ලක්වූ පුද්ගලයා මේ සම්බන්ධයෙන් මාතලේ විශේෂ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත. මෙයට පෙර මෙම වංචාව සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img