තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දික්වැල්ලේ වෙඩි තැබීමට හේතුව එළියට - වෙඩික්කරුත් කොටුවෙයි

    දික්වැල්ලේ වෙඩි තැබීමට හේතුව එළියට – වෙඩික්කරුත් කොටුවෙයි

    දික්වැල්ලේ පිහිටි පංසල් ඉඩමකදී පාතාලයේ වෙඩික්කරුවෙක් වූ මොරටු සංජීව නැමැති අපරාධකරුට‍ පසුගිය 15 වෙනිදා වෙඩි තබා ඝාතනයකර ඇත්තේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවුණු ආරවුලක ප්‍රතිඵලයක් ලෙස බව හෙළිවී තිබේ.

    හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වන ඉබ්වාවල රුවන් නැමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරු ඩුබායි සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම ඝාතනය සිදුකර ඇති බව කමාන්ඩෝ බලකායේ හිටපු සෙබලෙක් වන වෙඩික්කරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිිරීම්වලදි හෙළිවී ඇත.

    සමීර චතුරංග නැමැති ඌරුගමුවේ පදිංචිකරුවෙක් වන මෙම හමුදා සෙබලාව දික්වැල්ල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 17 වෙනිදාය. “තෝ රුවන් අයියට දුන්න ගේමට මේක රිටන් එකක්“ යැයි කියා මොරටු සංජීව නැමැත්තාට වෙඩි තැබූ බවත් එසේ පවසන්නට යැයි තමාට රුවන් විසින් ඩුබායි සිට පැවසූ බවත් වෙඩික්කරු පොලිස් පශ්න කිරීම් හමුවේ පවසා ඇත.

    මෙම කොන්ත්‍රාත්තුව මෙම කමාන්ඩෝ සෙබලාට භාරදී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් විසිනි. ඔවුන් දෙදෙනාවත් පොලීසිය අද උදෑසන වන විට අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ගෙන් මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img